ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුරකින මෙම පවුල රැකගනිමු
ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම කර වු දා සිට උන්වහන්සේ රැකබලාගැනීම පැවරුණු පරම්පරාවේ අදටත් එම රාජකාරිය දිවි පරදුවට තබා සිදුකරන පවුලක වර්තමාන අසරණ කතා පුවතක් පසුගියදා දැකගැනීමට අපට හැකි විය.
අනුරාධපුර විහාරහල්මිල්ලකුලම ගම්මානයේ පදිංචි එස් .රතනපාල මහතා සහ දියණියන් තිදෙනෙකු එක පුතෙකු සහ ඔහුගේ මව, බිරිද දිනකට එක වේලක් ආහාරගෙන කුඩාවට තැනූ නිවසක අඩුපාඩු රැසක් මැද දිවි ගැට ගසා ගනිති.
අදටත් ජයසිරි මහා බෝධීන් වහන්සේ රැකගන්න තම සේවා මුරය ඉටුකරන රත්නපාල මහතාගේ දුක්බර කතා පුවත මෙසේය.
අප මෙම ගම්මානයට යන විට රතනපාල වෛරස් උණ රෝගයක වැළඳී සති කිහිපයක් කුලී වැඩක් හෝ කිසිවක් නොමැතිව අසරණව කුඩා කාමර දෙකක එක් කාමරයක වැඩි වී සිටියේය.
ඔහුගේ බිරිඳ සුසිල් කාන්ති මහත්මිය තම දරුවන් හතර දෙනාට සහ මවට දිනකට එක වේලක් හෝ කැඳ උගුරක් බොන්නට නොහැකිව අසරණව සිටියහ.
දරිද්‍රතාවයෙන් පෙළෙන බොහෝ දෙනෙකුට රජය මගින් ලබාදෙන සමෘධි සහනාධාරය පවා මෙම පවුලට අහිමිවී තිබෙන බව ඔවුන් පැවසූහ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දියණියක් තවමත් දොළොස් වැනි වියේ පසුවන දියණියක් නම වැනි වියේ පසුවන පුතණුවෙක් තවමත් පෙර පාසල් වියේ පසුවන දියණියක් යන දරුවන් නිසි පෝෂණයක් නොමැතිව අඩුම තරමේ කනට තෝඩු දෙකක්වත් නොමැතිව දිනකට එක වේලක් ආහාර ගන්නා බව දුක්බරව අප සමග පැවසූහ.
විහාරහල්මිල්ලකුලම ගම්මානයේ දිවි ගෙවනු ලබන්නේ එදා ජයසිරි මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කර වු දා බෝධි ගුප්ත කුමාරයා සමඟ දහ අට කුලයක පිරිසක් මෙරටට පැමිණ පිරිසෙන් පැවත එන පිරිසකි. එයින් එක් කුලයක කණ්ඩායමකට පැවරී ඇත්තේ ජයසිරි මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීමය.
එම පරපුරෙන් පැවත එන්නෝ අදටද ජයසිරි මහා බෝධීන් වහන්සේ මුර සේවාවක් ලෙස රැක ගැනීම සිදු කරති. මෙම ගම්මානවල එම පරපුරේ වැසියන් පැය 24 පුරාම මාරුවෙන් මාරුවට කිසිදු මුල්‍ය අපේක්ෂාවකින් තොරව ජයසිරි මහා බෝධීන් වහන්සේ රැකීම අදට ද සිදුකරති.
මෙම අසරණ ව සිටින පවුලට නිවසක් තනා ගැනීමට වැසිකිලියක් තනාගැනීමට දරුවන්ගේ අධ්‍යාපනයට උදව් උපකාර කිරීමට මෙන්ම අඩුම තරමින් දිනකට දෙවේලක් හෝ ආහාර ගැනීමට ඔබේ උපකාරයක් අවැසි මොහොතකි.
මෙම පවුල අය සම්බන්ධ කර ගැනීමට දුරකථනයක් නොමැත. ඔවුන්ගේ ලිපිනය වන්නේ එස් . රතනපාල ,විහාරහල්මිල්ලකුලම ,විහාර පාලුගම .අනුරාධපුර වේ. ලංකා බැංකුවේ ගිණුම් අංකය 80846612 එස් . කාන්ති





popular news
-
Champa Thursday, 21 November 2019 05:03 PM
අයියෝ මේ මොකක්ද? හරිම ඛේදනීයයි. ශ්‍රී මහා බෝධි භාරයක් තියෙනව නේද? ඇයි මේ මිනිස්සු ගැන බැලුවේ නැත්තේ?
Reply : 0 0
ලසන්ත Thursday, 21 November 2019 07:00 PM
පසුගිය කාලයේ නවකථාවක් නිකුත්කර තිබුනා සෙන්කොට්ටන් කියල.එහි තියෙනවා එම ප්‍රදේශයේ සිටි රෙදි සෝදන කෙනෙකු අනුරාධපුරයේ සිට වඩමවා පැමිණි බෝධිශාකාවක් සාත්තු සප්පායම්කර පුදපූජා කල බවත් පසුකාලයේ බෝධිය වැඩමවීමට විරුද්ධව කෙනෙහිලිකම් කල පවුලක පිරිසක් බෝධිය අත්පත්කර ගෙන ඔවුන් මේ බෝධිය වඩමවා රෝපනය කර ඇති බවක් මෙය ඔවුන්ගේ බවත් ප්‍රකාශ කල බවක් දැක්වෙනවා.වෙනත් වන්දනා ස්ථානවල මෙන් මෙහි පාරම් පරික උරුමකරුවන්ට හිමිකම් නැද්ද දෙයියනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

